28 C
Colombo
Thursday, January 16, 2025

හැක්වීම ගැන පොලීසියෙන් කටඋත්තරයක්

- Advertisement -

ශ්‍රී ලංකා පොලීසියේ youtube චැනලය ඇතුළු නිල සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් සයිබර් ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධව පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook, TikTok, instagram, youtube සහ x යන ගිණුම් 2024.12.30 වන දින සවස් කාලයේ සිට සයිබර් ප්‍රහාරයකට ලක්වුණා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මේ වනවිට නිල facebook, TikTok, instagram, x යන ගිණුම් නැවත ශ්‍රී ලංකා පොලීසියේ පාලනය යටතට ගෙන ඇති බවයි.

පොලිස් youtube නාලිකාව මෙතෙක් ශ්‍රී ලංකා පොලීසියේ පාලනයට නතුවී නැහැ.

එය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...