30.6 C
Colombo
Thursday, April 25, 2024

CID නිලධාරීන් වගකීම් විරහිතව හා නොසැලකිලිමත්ව ක්‍රියාකර ඇති බවට පොලීසියෙන් නිවේදනයක්

- Advertisement -

සුදුළූණු වංචාව සම්බන්ධයෙන් පලකල මාධ්‍ය වාර්තාවක් පිළිබදව සිදුකෙරන විමර්ශනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගකීම් විරහිතව සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

පසුගිය දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව මාධ්‍ය ආයතන කිහිපයක කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණා.

පොලීසිය නිවේදනය කරන්නේ මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පටිපාටිය නොවන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සඳහා යම් මාධ්‍ය ආයතනයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය ආයතන විසින් සහය ලබාදෙන බැවින් පුවත්පත් කතෘවරුන් එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදු නොකෙරෙන බව එම නිවේදනයේ සදහන්.

ඉහත සිදුවීමේදී අපහසුතාවයට පත්වූ පුවත්පත් කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කණගාටුව පලකරන බවත් එලෙස වගකීම් විරහිතව, නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

CID

RECENT ARTICLES - SINHALA

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...