31 C
Colombo
Wednesday, February 19, 2025

නීතිවිරෝධීව රැගෙන ආ එන්නත් ඇතුළු ඖෂධ තොගයක් හසුවෙයි

- Advertisement -

පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධි ලෙස මෙරට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

මොහු ගුවන් මගින් මෙලෙස ඖෂධ රැගෙනවිත් රටපුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී සිටි පුද්ගලයෙකු බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදාගන්නා එන්නත්, කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදාගන්නා ඖෂධ ඇතුළු ඖෂධ රැසක් ඔහු සතුව තිබූ ඖෂධ අතරට අයත් බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...