27 C
Colombo
Saturday, March 22, 2025

විදෙස් මත්පැන් බෝතල් තොගයක් පොලිස් භාරයට

- Advertisement -

තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් ඇතුළු භාණ්ඩ තොගයක් ගුවන්තොටුපලේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කටුනායක ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේදී  මෙම වැටලීම සිදු කර තිබුණා.

මෙම වැටලීමේදී සැකකරුවන්  05 දෙනෙකු හා සැකකාරියක සමඟ ඔවුන් සතුව තිබූ තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද විවිධ වර්ගයේ විදේශ මත්පැන් බෝතල් 159 ක් , විදේශීය දුම්වැටි පැකට් 175ක්, නිමි ඇඳුම් හා රත්‍රං නොවන පළඳනා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් පිරිස  වත්තල, කොටගල සහ කොළඹ 13 වන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වන බව පොලීසිය පවසනවා.

 අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය මඟින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...