පොසොන් සමයේ වැඩි මිලට අලෙවි කිරීම අරමුණින් කරගනිමින් නීතිවිරෝධීව ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා මත්පැන් තොගයක් කැකිරාව සතොසෙන් හමුවී තිබෙනවා.
පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සතොසෙ සේවකයෙකු විසින් මෙම මත්පැන් තොගය ගෙනැවිත්, වෙනම කාමරයක ගබඩා කර තිබූ බවට අනාවරණය වී තිබෙනවා.
පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර තැබෑරුම්හල් මේ වනවිටත් වසා දැමීම හේතුවෙන් අදාළ මත්පැන් තොගය වැඩි මිලට අලෙවි කිරීමට ඔහු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
සතොසෙන් සොයාගත් මත්පැන් බෝතල් 93 පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.