මීට දශක පහමාරකට පමණ පෙර ආරම්භ කළ Samsung Electronics හි සේවය කරන කම්කරුවන් දහස් ගණනක් නියෝජනය කරන වෘත්තීය සමිතියක් දකුණු කොරියාව තුළ දියත් කරන පළමු වැඩ වර්ජනය කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජූනි 7 වනදා සිය සියලු සාමාජිකයින්ට වැටුප් සහිත නිවාඩු භාවිතා කරන ලෙස ඉල්ලා එක්දින විරෝධතාවක් පවත්වන බවත් ඉදිරියේදී පූර්ණ පරිමාණ වැඩවර්ජනයක් ප්‍රතික්ෂේප නොකරන බව වෘත්තීය සමිති සංගමය පවසනවා.
එහි සාමාජිකයින් 28,000ක් පමණ සිටින අතර එය සමාගමේ සමස්ත ශ්‍රම බලකායෙන් පහෙන් පංගුවකට වඩා වැඩි ප්‍රමාණයක් බව සඳහන්.
Samsung Electronics පවසන්නේ අදාළ සංගමය සමග තවදුරටත් සාකච්ඡා කරන බවයි.
වැටුප් සම්බන්ධයෙන් Samsung Electronicsහි කළමනාකාරීත්වය මෙම වසරේ ආරම්භයේ සිට වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කර තිබුණත් මෙතෙක් ගිවිසුමකට එළඹීමට අපොහොසත් වී ඇති බවට වාර්තා වනවා.
6.5% ක වැටුප් වැඩිවීමක් සහ සමාගමේ ආදායමට ප්‍රසාද දීමනාවක් ලබා දෙන ලෙස සංගමය ඉල්ලා තිබෙනවා.
ලොව විශාලතම මතක චිප් (Memory Chip), ස්මාර්ට්ෆෝන් (Smartphone) සහ රූපවාහිනී (Television) නිෂ්පාදකයා ලෙස Samsung Electronics හැඳින්විය හැකියි.
පූර්ණ වැඩ වර්ජනයක් සමාගමේ පරිගණක චිප් නිෂ්පාදනයට බලපෑ හැකි බවට හා ඉලෙක්ට්‍රොනික උපකරණවල ගෝලීය සැපයුම් දාමයට බලපෑම් කළ හැකි බවට විශ්ලේෂකයින් විසින් මේවන විට අනතුරු අඟවා තිබෙනවා.
Samsung Electronics දකුණු කොරියානු සමූහ ව්‍යාපාරයක් වන Samsung සමූහයේ ප්‍රමුඛතම ඒකකය වනවා සේම එය ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය ආධිපත්‍යය දරණ රටේ පවුල් පාලනය කරන විශාලතම ව්‍යාපාරයද වනවා.