28.9 C
Colombo
Thursday, July 10, 2025

නීතිඥකම ගැන ඇසූ අයට නාමල්ගෙන් සැර උත්තරයක්

- Advertisement -

නීති විද්‍යාලයේ නිත්‍යානුකූල ක්‍රමවේදයට තමන් ලියාපදිංචි වූ බවත් ඕනෑම විභාගයක් ලිවීමේදී ශාලාවෙහි අසුන් ගැනීම පිළිබඳව තීරණය කරන්නේ විභාග පවත්වන ආයතනය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ, නීතී විද්‍යාලය ඇතුලු එම අදාළ ආයතන දැනුවත් කළ පසු තමන්ට විභාගය ලිවීමට අවසර ලැබුණු බවත් ඒ පිළිබඳව යම් කිසි කෙනෙක්ට සැකයක් මතු වන්නේ නම් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.  

ඒ අනුව තමාගේ නීති උපාධිය පිළිබඳව පැහැදිලිවම සැකයක් නැති බවයි ඔහු පවසන්නේ.

නිකරුණේ නීතී විද්‍යාලයට චෝදනා නොකළ යුතු බවත් ප්‍රශ්න පත්‍රය සකස් කළේ තමාගේ තාත්තා නොවන බවත් පවසමින් ඔහු කියා සිටියේ, තමාට සිදු කරන චෝදනා සියල්ල එල්ල වන්නේ නීතී විද්‍යාලයට බවයි. 

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“නීති විභාගය ලියනකොට නීති විද්‍යාලයෙන් තමයි, ඕන විභාගයක් ලියනකොට විභාගේ පවත්වන ආයතනය නැත්නම් දෙපාර්තමේන්තුව විසින් තමයි හෝල් එක ඉන්න තැන වාඩිවෙන තැන කවුද ඉන්නේ කියලා තීරණය කරන්නේ.. විභාගය ලියන එක්කෙනාට ඒක තීන්දු කරන්න බෑ. නීති විද්‍යාලයේ ඒ නිත්‍යානුකූල ක්‍රමවේදයට මම පදිංචි වෙලා තියෙනවා. නීති විද්‍යාලය වගේම ලංකාවේ UGC එකේ ලියාපදිංචි වෙලා සිටි එංගලන්තයේ විශ්ව විද්‍යාලයෙන් මම ඩිග්‍රිය ගත්තා.  ඒ පිළිබඳව නීතී විද්‍යාලය ඇතුලු ඒ අදාළ ආයතන දැනුවත් කලාම නීතී විද්‍යාලයේ වීභාගය ලියන්න අවසරය ලැබුණා.  ඒ අනුව මම විභාගේ දවසේ විභාගේ ලිව්වා.  ඒ ගැන යම් කිසි කෙනෙක්ට සැකයක් තියෙනවනම්, පරීක්ෂණයක් කරන්න ඕනේනම් කරන්න පුලුවන්.  පැහැදිලිවම මගේ නීති උපාධිය ගැන සැකයක් නැහැ.

මේ චෝදනාව ජනතා විමුක්ති පෙරමුණටත් පොදු චෝදනාවක්. පහුගිය කාලේ ශිෂ්‍යත්වය සම්බන්ධයෙනුත් ඒ පෙරමුනත් එක්ක සම්බන්ධ ගුරුවරයෙක්ට චෝදනාව ආවා. නිකරුණේ නීතී විද්‍යාලයට චෝදනා කරන්න හොඳ නැහැ. ඒ චෝදනාව නාමල් රාජපක්ෂට නෙවෙයි එන්නේ. මොකද පේපර් එක හැදුවේ අපේ තාත්තා නෙවෙයි,නීතී විද්‍යාලය. ඒ චෝදනාව එන්නේ නීතී විද්‍යාලයට”

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඔහු එම පැමිණිල්ලේහි සඳහන් කර තිබුණේ, නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට නීතිවේදී උපාධිය ලබාගෙන ඇති බවටයි.


RECENT ARTICLES - SINHALA

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

POPULAR ARTICLES

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...