ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි.
මේ හේතුවෙන් එරට කාලගුණ අංශ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, විදෙස් මාධ්‍ය පැවසුවේ ඉසූ දුපත්වලට සහ ඔගවසර දූපත්වලට එම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
එම දූපත්වලට මීටරයක පමණ උසට මුහුදු රළ ගොඩබිමට එනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව ජපාන කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.