28 C
Colombo
Saturday, April 19, 2025

සමහර තීන්දු තීරණ ක්‍රියාවට නගන්න ප‍්‍රබල දේශපාලන බලයක් ඕන

- Advertisement -

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අලුත් වැඩපිළිවෙල සහ මතවාදය යථාර්ථයක් බවට පත්කර ගත හැක්කේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත්‍රණයක් ලැබුණොත් පමණක් බව පැවසු ජනාධිපතිවරයා මේ වන විට පවතින දේශපාලන බලය ඉතා කුඩා තැනක පවතින බවත් සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (13) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවති ජාතික ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

පසුගිය ජනාධිපතිවරණයේ දී අපි විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. ලංකාවේ මතවාදීමය සංස්කෘතික තලයේ තීව‍්‍ර තරගයක් තිබුණු ජනාධිපතිවරණයක්. පැරැණි අසාර්ථක ආර්ථික, දේශපාලනික ගමන ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පෙනී සිටි කඳවුර ඉදිරියට ගෙනයාම සහ ඊට එරෙහිව නව ආර්ථික හා දේශපාලන, සංස්කෘතික ගමනක් මෙන් ම පාලනය සහ ජනතාව අතර සබඳතාවක් පවතින අප නියෝජනය කළ කඳවුර අතර එම තීව‍්‍ර තරඟය තිබුණා.මෙයට පෙර පැවැතියේ, පැරැණි දේශපාලන කඳවුර ඇතුළේම වැඩි ඡන්ද ලබා ගන්නේ කවුරුන්ද කියන තරඟයයි. නමුත්, මෙවර සටන තිබුණේ, පැරැණි ගමන් මාර්යේ ම යනවාද? නැතිනම්, අලුත් දේශපාලන පරිවර්තනයකට ලක් කරන දිශාවකට යනවාද? කියන තරඟයයි. ජනතාව දැඩි තීරණයක් අරගෙන ජාතික ජන බලවේගයේ අප ජයග‍්‍රහණය කරවූවා. ජනතාවගේ පැත්තෙන් බැලූවොත්, එය ඔවුන් තැබූ අවදානම් සහගත පියවරක්. ඒ වාගේම අධිෂ්ඨානශීලී පියවරක්.ඒ වාගේම ධෛර්ය සම්පන්න පියවරක්. ඒ තීරණය ගැනීමට අධිෂ්ඨානය සහ විශ්වාසය තිබුණු ජනතාවට අපි අපේ ස්තුතිය සහ ගෞරවය පිරිනමනවා.

ඒ මැතිවරණයේදී අනෙක් කඳවුර සතුව මුදල්, මාධ්‍ය, රාජ්‍ය බලය කොතරම්ද කියලා පැහැදිලි වුණා. තැපැල් ඡන්දයට පෙර දිනයේ දී වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනා පවා ඉදිරිපත් කිරීමට ඔවුන් බලවත්ව සිටි අවස්ථාවක රටේ ජනතාව අප විශ්වාස කර ඡන්දය ලබා දුන්නා. අපි අලුත් මතවාදයක් සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළත් එම මතවාදය සහ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කළ හැක්කේඊට අවශ්‍ය ශක්තිමත්ම දේශපාලන නායකත්වයක් තිබුණොත් පමණයි. එය ස්භාවිකව ගලාගෙන යන ගමනක් නොවෙයි. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම්, ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත‍්‍රණයක් අප සතු විය යුතුයි. දැන් අපේ දේශපාලන බලය පවතින්නේ ඉතා කුඩා තැනක. ජනාධිපතිවරයා ඇතුළු තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් තිබෙන්නේ. මේ ධෛර්යවන්ත හැරවීම යථාර්ථයක් කිරීම සඳහා එය කිසිසේත්ම ප‍්‍රමාණවත් වන්නේ නැහැ. නව ශක්තිමත් දේශපාලන බලවේගයක් හදා ගන්නා තෙක් සංක‍්‍රාන්ති කාලයක් ගතකිරීමට කැබිනට් මණ්ඩලයේ අප තිදෙනාට පැවරී තිබෙන්නේ. මේ සංක‍්‍රාන්ති අවධියේ දී අපට කළ හැකි දේත්, අවධානය යොමු කළ යුතු දේත්, අපේ කාර්යක්‍ෂමතාවත් සහ අප ඉවසීමෙන් කටයුතු කළ යුතු අවස්ථාත් තිබෙනවා. සමහර තීන්දු තීරණ ගෙන ක්‍රියාවට නැගීම සඳහා ප‍්‍රබල දේශපාලන බලයක් තිබිය යුතුයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...