බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා.
වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා වනවා.
ඇය සමඟ නේවාසිකාගාරයේ රැඳී සිටි මිතුරිය විසින් මෙම සිසුවිය ගෙල වැළලාගෙන සිටිනු දැක තිබෙනවා.
අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සහ බිංගිරිය පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් මෙම සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.