27 C
Colombo
Monday, September 9, 2024

ගුරුවරුන් බනින නිසා සිසුවෙක් වස පානය කර පාසලට ඇවිල්ලා

- Advertisement -

වස පානය කර පාසලට පැමිණි පාසල් සිසුවෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත අද (21) දින ඇතුලත් කිරිමෙන් පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පවසනවා.

මෙසේ රෝහල් ගත කරනු ලැබුවේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන දමිල පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන අවු 16 හැවිරිදි සිසුවෙක්.

එම පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු තමන්ට සහ තම නැගණියට නිරන්තරයෙන් බැන වැදිම නිසා එය ඉවසාගත නොහැකිව එලළුව වගාව ආරක්ෂා කර ගැනිම සදහා රැගෙනවිත් තිබු කෘමිනාශක දියරයක් නිවසේදි පානය කර පාසලට තමන් පැමිණි බව එම සිසුවා විසින් වටවල රෝහලේ වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.

කෘමිනාශක දියර පානය කර පාසලට පැමිණි සිසුවාගෙන් යම් දුගන්ධයක් වාහනය වන බවට සිසුවාගේ පන්තියේ ළමුන් අචාර්ය මණ්ඩලයට දැනුම් දිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු අචාර්ය මණ්ඩලය සිසුවා රෝහල් ගත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට...

තාවකාලික හැඳුනුම්පතක්

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...