ගාල්ල – නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙක් ගිංගඟේ දියනෑමට ගොස් අතුරුදන් වී ඇතැයි නෙළුව පොලිසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, අතුරුදන් සිසුවා සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුන්කරුවන් පිරිසක් පැමිණ මේ වනවිට සෝදිසි මෙහෙයුම් කරන බවයි.
හප්පිටිය – ඇහැලපිටිය ප්රදේශයේදී තවත් මිතුරන් තිදෙනෙකු සමග ගිංගඟේ දියනෑමට ගොස් සිටියදී මෙම සිසුවා අතුරුදන් වී ඇති බවද පොලිසිය පවසනවා.
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා ගිංගඟේ ජලමට්ටම තරමක් ඉහළගිස් තිබෙන බවද ප්රදේශවාසීන් පවසනවා.