ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් මියගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ගැහැණු දරුවන් සහභාගී වූ උපකාරක පන්ති පවත්වන ස්ථානයක් ඉලක්ක කර එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් අදාළ උපකාරක පන්තියට සහභාගී වූ සිසුවියන් බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය හේතුවෙන් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
කාන්තාවන් හට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන දැඩි විරෝධය පලකරනවා.
පාලක තලේබාන් සංවිධානයද අවස්ථා කිහිපයකදීම කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කර සිටියා.