27.8 C
Colombo
Wednesday, June 25, 2025

අපිරිසිදු ආපනශාලා සොයා පිටකොටුවේදී හදිසි වැටලීමක්

- Advertisement -

කොළඹ පිටකොටුව බෝධිරාජා මාවතේ ඇති ආපනශාලා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (21) පෙරවරුවේ හදිසි වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඇතැම් ආපනශාලා ඉතා අපිරිසිදු තත්ත්වයේ පැවැති අතර මුළුතැන්ගෙය ආශ්‍රිතව ආහාර පිසින ස්ථානයන් හී මීයන්ගේ අසූචි පැවතීම සහ මීයන්ගේ අසූචි ආහාර පිසින භාජනවලට එකතු කිරීම නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක් වුණා.

තවද ඇතැම් ආපනශාලා හී ආහාර පිසින ස්ථානයන් හි සුරතල් බළලුන් පවා සිටින අයුරුද මෙහිදි දක්නට ලැබුණා.

වැටලීම් සිදුකරනු ලබන අවස්ථාවේදී ආපනශාලා හිමිකරුවන් සහ අදාළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වූ අතර ඇතැම් වෙළෙඳසැල් හිමියන් පැවසුවේ මී ග්‍රහණය වැඩි බවත් නගර සභාව විසින් මේ සඳහා පිළියම් යෙදීමක් සිදු නොකරන බවයි.

මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අදාළ වෙළෙඳසැල් වෙත දැඩි ලෙස අවවාද කළ අතර ආපනශාලා හිමියන් වෙත උපදෙස් ලබා දුන්නේ, කෑම සකස් කිරීම සඳහා කැඩී බිඳි ගිය නුසුදුසු ප්ලාස්ටික් භාජන ඉවත් කරන ලෙසයි.

තවද අපිරිසිදු ලෙස ආහාර පිසින ලද ආපන ශාලා සියල්ලටම නඩු පැවරීමටද අදාළ නිලධාරීන් පියවර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

හොරකමකට අදාල වාර්තාවක් අතුරුදහන් වෙලා

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව...

POPULAR ARTICLES

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අලාභ වූ දේපොළවලට ජපුර සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම...