32 C
Colombo
Friday, June 2, 2023

ගෝඨාගේ කාලේ වී අස්වැන්නට වෙච්ච දේ ගැන සමීක්ෂණයකින් හෙළි වෙයි

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 වසරේ දී රසායනික පොහොර තහනම් කිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් 2021 2022 වසරේ මහ කන්නයේ වී අස්වැන්න 50%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවී ඇති බව හෙළිව තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනය මඟින් සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සමීක්ෂණ වාර්තාවෙන් රසායනික පොහොර තහනම් කිරීමට පෙර 2020 – 2021 වසර වල මහකන්නයේ වී අස්වැන්න සහ රසායනිය පොහොර තහනම් කිරීම මෙන්ම 2021 – 2022 වසරේ මහ කන්නයේ වී අස්වැන්න සම්බන්ධව සංසන්දනාත්මකව ගණනය කිරීමෙන් මෙම නිගමනවලට එළෑඹ තිබෙනවා.

මේ අනුව රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට මාරු වීම සුදුසු බව සමීක්ෂණයේ දී යෝජනා කර තිබුණේ ගොවියන්ගෙන් 3% ක් පමණක් බවයි සඳහන් වන්නේ.

සම්පුර්ණයෙන්ම රසායනික පොහොර කෙරෙහි පමණක් 46%ක් විශ්වාසය තබා තිබෙනවා.

මෙම සමීක්ෂණය සඳහා මහවැලි කලාප ඇතුළු වී ගොවිතැන් කරන දිස්ත්‍රික්ක 11ක ගොවීන් 625 දෙනෙක් සම්බන්ධ කරගෙන ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

RECENT ARTICLES - ENGLISH

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...