28.9 C
Colombo
Thursday, July 10, 2025

ඩුබායි සිට පැමිණි සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

විමර්ශන සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පුද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකු වශයෙන් සිට රුපියල් ලක්ෂ 108 කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ලවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

POPULAR ARTICLES

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...