24 C
Colombo
Thursday, January 23, 2025

පාස්කු ප්‍රහාරය ගැන සැකකරුවෙක් පාපොච්ඡාරණයක් කරලා

- Advertisement -

පාස්කුදා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු එම ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ වසර ගණනාවකට පසු පැයක පමණ කාලයක් පුරා පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.

අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයෙකු වෙමින් සිරියාවේදී විශේෂ අවි පුහුණුවක් හා ත්‍රස්ත සංවිධානයන් ලොව පුරා භාවිතා කරන රහස්‍ය පණිවිඩ හුවමාරුවන් කෙරෙන අන්තර්ජාල යෙදවුමකට සම්බන්ධ බව කියන අල් කයිඩා සහ අයි.එස්.අයි.එස්. අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට දායක වු බව කියන මොහොමුදු නිලාබ්දීන් මොහොමඩ් රිම්සාන් නමැති සැකකරු වසර ගණනාවකට පසු මෙලෙස පාපොච්චාරණය සිදු කර තිබුණා.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් පාස්කු දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතතුරුව සැකකරු පැයක පමණ කාලයක් පුරා මෙලස රහස් ප්‍රකාශයක් දුන් බවට වාර්තා වනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ සැකකරු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ආධාර අනුබල දුන් බව පවසමින් අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් අල් කයිඩා ත්‍රස්ත සංවිධාන වලට මූල්‍ය පහසුකම් සපයමින් මෙරට තවුහිද් ජමාද් සංවිධානය ප්‍රචලිත කිරීමට හා අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන මෙරට ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව 2021 මාර්තු 23 වැනිදා සැකකරු මුලින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් අධිකරණය හමුවේ පවසා තිබුණා.

තවද සැකකරු කොළඹ ගල්කිස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවල පුද්ගලික ආයතන කීපයක සේවය කර ඇති බව දැනුම් දුන් නිලධාරීන් සැකකරු සිරියාවේදී විශේෂ අවි පුහුණුවක් ලද පුද්ගලයෙකු බව සඳහන් කළා.

ත්‍රස්ත ක්‍රියාවන් සඳහා අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු නිකුත් කර ඇති ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන අහමඩ් ලුක්මන් තාලිබ් නමැත්තා සමග විදේශගත ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වීම, ත්‍රස්ත සංවිධානවලට මුල්‍ය පහසුකම් සැපයීම මෙන්ම ත්‍රස්ත සංවිධාන වලට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දුන් නිලධාරීන් සැකකරු ලොව පුරා ත්‍රස්ත සංවිධාන භාවිතා කරන ඇප් එකක තොරතුරු හුවමාරු කරගෙන ඇතැයිද දැනුම් දුන්නා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ඒ අනුව කළ විමර්ශන වලදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එකිනෙකට යා වූ සැකකරුවන් 16 දෙනෙකු අනාවරණය කර ගැනීමෙන් පසු මෙම සැකකරු 17 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පවසා සිටියා.

පාස්කුදා එල්ල කෙරුණු මරාගෙනන මැරෙන ප්‍රහාරයේ සැකකරුවන් සිව් දෙනෙකු මාලදිවයින් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන් බව අනාවරණය කරගෙන ඇතැයිද දැනුම් දුන්නා.

මාලදිවයින් සහ ඔස්ට්‍රේලියානු ජාතික සැකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අධිකරණය මගින් රතු වරෙන්තු නිකුත් කර ඇති බවත් පාකිස්තානු පෙඩරල් පොලිසිය සමඟ අන්තර් රාජ්‍ය සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළ නිලධාරීන් විමර්ශන අවසන් කළ මොහොමඩ් ඉබ්‍රාහීම් මොහොමඩ් නවුෆර්, ඉබ්‍රාහීම් සාධික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රාහීම් සාහිඩ් අබ්දුල්ලා, අහමඩ් මිල්හාන්, අන්වර් මොහොමඩ් රිස්කාන් හා මොහොමඩ් සාජිත් නමැති සැකකරුවන් පස්දෙනාට එරෙහිව පාස්කුදා ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාධිකරණය හමුවේ පැවරූ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාග කරන බවද පවසා තිබුණා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සිද්ධීන් සම්බන්ධයෙන් තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් කිරීමට සූදානම් බවට තමන්ට උපදෙස් දී ඇතැයි සඳහන් කළා.

අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව තම සේවාදායකයාට රහස් ප්‍රකාශයක් දීමට අවස්ථාව දෙන්නැයි නීතිඥවරයා මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පාපොච්චාරණයක් කළහොත් අදාළ පාපොච්චාරණය මහාධිකරණ නඩු විභාගයකදී තමන්ට එරෙහිව සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකි බව පෙන්වා දෙමින් හොඳ හැටි සිතා බලා ස්වාධීනව පාපොච්චාරණයක් කරන ලෙස දැනුම් දෙමින් නඩුව කල් තැබු මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කර තිබෙනවා.

නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර සැකකරු එහිදී රහස් ප්‍රකාශයක් ලබා දී තිබුණා.

රහස් ප්‍රකාශයෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...