27 C
Colombo
Monday, September 9, 2024

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ පොලිස් වසමේ වෙළුවන පාර ප්‍රදේශයේදී දෙමටගොඩ පොලිස් නිලධාරීන් සිදු කළ වැටලීමකින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඇය සතුව තිබි රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 62ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ සැකකාරිය හේනේගම අකුරැස්ස ප්‍රදේශයේ කාන්තාවක් බවයි.

පොලිස් නිලධාරී කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරීවල නිරතව සිටියදී මෙම කාන්තාව පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ අනුවයි ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට...

තාවකාලික හැඳුනුම්පතක්

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...