31.7 C
Colombo
Friday, June 20, 2025

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 146ක ඉලක්කයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී Gaby Lewis ලකුණු 39ක්ද, Orla Prendergast ලකුණු 29ක්ද, Laura Delany ලකුණු 25ක්ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2ක් දවා ගත් අතර උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්දිකා කුමාරි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...