සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (30) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී පළමුවෙන් පන්දුවට දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 186ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ, කඩුලු 5ක් දැවීමෙන් අනතුරුවයි.
එහිදී නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්තේ.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් සහ නුවන් තුෂාර සහ මතීෂ පතිරණ අතර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත පිල සමත් වුණා.