30.6 C
Colombo
Sunday, July 13, 2025

ශ්‍රී ලංකාවෙන් ලකුණු 291ක ඉලක්කයක්

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අවසන් කරමින් ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් වුණා

ඒ අනුව පූර්ණ තරගාවලි ජයක් සම්පූර්ණ කරගැනීමට සඳහා සත්කාර නවසීලන්ත කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක වේගවත් ලකුණු 66ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු 42කින් ගොඩනැගුණු පැතුම්ගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

පැතුම් ඔහුගේ 16වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළා.

ඔහුට අමතරව ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ කුසල් මෙන්ඩිස් ලකුණු (54) හා ජනිත් ලියනගේ ලකුණු (53) ද අර්ධ ශතක රැස්කිරීමට සමත් වුණා.

කුසල් අද වාර්තා කළේ ඔහුගේ 33වැනි එක්දින අර්ධ ශතකයයි.

එමෙන්ම නවක ක්‍රීඩක ජනිත් ලියනගේටද සිය 4වන එක්දින තරගය වාර්තා කිරීමට අද හැකිවුණා.

මීට අමතරව කමිදු මෙන්ඩිස් ලකුණු 46කින් දායක වුණා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 55කට කඩුලු 4ක් දවාගත් අතර ඒ සමග ඔහුට එක්දින කඩුලු 150 සීමාව පසුකිරීමට හැකිවිය.

ඒ අනුව ඔහු නවසීලන්තය වෙනුවෙන් කඩුලු 150ක් වේගයෙන්ම දවාගත් දෙවන පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.

ඔහු ඉනිම් 83කින් මෙම දක්ෂතාව දක්වා ඇති අතර, එහි පෙරමුණගෙන සිටින ට්‍රෙන්ට් බෝල්ට් ඉනිම් 81කින් කඩුලු 150 සීමාව පසුකර ඇත.

මැට් හෙන්රිට අමතරව මිචෙල් සැන්ට්නර් ලකුණු 55කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES