30 C
Colombo
Monday, March 20, 2023

ධනයට බද්දක්; ඉහළ ආදායම් ලබන්නන්ගෙන් ඉහළ බදු..!

- Advertisement -

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත් ෆිස්කල් ගැලපීම් සිදුකිරීමට නම් බදු ආදායම ඉහළ නංවා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරො නොසාකි මහතා පවසනවා.

මේ අතර මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ දී ධනය මත පදනම් වන බද්ද (Wealth Tax) ගැන සාකච්ඡාවට ගැනුණු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරො නොසාකි මහතා,

“ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක. එබැවින් ෆිස්කල් ගැලපීම් සිදුකිරීම සඳහා බදු ආදායම ඉහළ නංවා ගත යුතුයි.

වැඩසටහන යටතේ බදු ප්‍රතිසංස්කරණ ප්‍රගතිශීලී ආකාරයෙන් සකස් විය යුතුයි. එයින් අදහස් වෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් ඊට වැඩි වශයෙන් දායකත්වය ලබා දිය යුතු බව තහවුරු කිරීමට අවශ්‍යයි.

ෆිස්කල් ගැලපීම්වලින් දිළිඳු සහ වැඩි වශයෙන් බලපෑමට ලක්විය හැකි ජන කොට්ඨාශයන්ට විය හැකි බලපෑම අවම කළ හැක්කේ එවිටයි.

බදු නිර්දේශ පැනවීමේ දී ප්‍රගතිශීලී අයුරින් එය ක්‍රියාත්මක වීමට නම්, පුද්ගලික ආදායම් බදු සැලකීමේ දී ඉහළ ආදායම් ලබන්නන්ට ඉහළ බදු අනුපාතයක් යෙදවීමෙන් එය කළ හැකියි.

Wealth Tax මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ/ ගිවිසුමේ කොටසක්. එය නිර්මාණය වන්නේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒවගේම එයට සූදානම් වීමට කාලයක් යාවි. එය යෝග්‍ය ආකාරයෙන් නිශ්චිත කාල රාමුවක් යටතේ සකස් විය යුත්තක්.”

RECENT ARTICLES - SINHALA

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.