අගමැති බේරගන්න පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ විරෝධතාවයක නිරතව සිටි පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම පිරිස අගමැතිවරයාට විරෝධය දක්වමින් අද (13) උදෑසන පටන් මෙම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් සඳහන් කළේ ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.