32 C
Colombo
Tuesday, February 18, 2025

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

- Advertisement -

වේයන්ගොඩ – කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරු දුටු ප්‍රදේශවාසීන් සඳහන් කළේ, එහිදී වේයන්ගොඩ දෙසින් සිට කටුනායක දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් හා කටුනායක දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් හා එකිනෙක ගැටී ඇති අතර, කටුනායක දෙස සිට පැමිණි බේකරි ආහාර බෙදා හරිනු ලබන ත්‍රිරෝද රථය වැරදි මං තීරුවේ ධාවනය වෙමින් පැවති බවයි.

මෙම අනතුරින් ත්‍රිරෝද රථ දෙකම ධාවනය කළ රියදුරන් දෙදෙනා සහ එක් මගියෙකු තුවාල ලබා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් බරපතළ තත්ත්වයේ තුවාල සිදුව ඇත්තේ නැහැ.

බේකරි ආහාර බෙදාහරිනු ලබන ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාමෙන් වැරදි මංතීරුවේ ධාවනය වී මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES