26.7 C
Colombo
Monday, June 16, 2025

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

- Advertisement -

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි‍, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතයි.

කෙසේවෙතත්, විනිසුරු මහේන් වීරමන් සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යෑමට නියමිත බැවින් ඔහු කමිටුවෙන් ඉවත් වන බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

විනිසුරු මහේන් වීරමන් මහතා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සැකකාර හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES