ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවලා ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මැදවච්චිය පොලීසිය පවසන්නේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
අද (20) එම අනතුර සිදුවී තිබුණේ මහනුවර – යාපනය A9 මාර්ගයේ ඉකිරියගොල්ලෑව ප්‍රදේශයේදීයි.
අදාළ අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලභහානි සිදුවී ඇති අතර, ඉන්ධන රැගත් බවුසරය ඒ අසල වෙල්යායකට පෙරළී ගොස් තිබුණා.
එම ඉන්ධන බවුසරයේ තිබෙන ඉන්ධන වෙනත් බවුසරයකට මාරු කිරීම මේ වන විට සිදුකරමින් පවතින බව වාර්තා වනවා.