26.1 C
Colombo
Sunday, May 18, 2025

ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

- Advertisement -

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ සාවිත්‍ර සිල්වා රත්මලානේ පිහිටි සිය නිවසේ සිටියදී ඊයේ (10) රාත්‍රියේ පැමිණි මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙහිදී සැකකාර කල්ලියේ සිටි අයෙකු සාවිත්‍ර සිල්වාගේ හිසට කඩුවකින් පහර දීමට උත්සාහ කර ඇති අතර ඉන් බේරිම සඳහා අතක් එසවීමට යෑමේදී එම පහර ඔහුගේ අතට වැදී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වෙන්නේ.

මෙම ප්‍රහාරය පිටුපස පාතාලයට සම්බන්ධ කල්ලියක් සිටිය හැකි බවට පොලීසිය සැක පළ කරනවා.

 සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ධනංය ද සිල්වාගේ සහ  සාවිත්‍ර සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටි රංජන් ද සිල්වා මහතාව 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා. ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස...

POPULAR ARTICLES