ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත්‍රික් කාර්යාලයක් සඳහා අනුයුක්ත කර ඇති සේවකයන් දෙදෙනෙකු සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයාව විවේචනය කළැයි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
අදාල සේවා ස්ථාන මාරු කිරීමේ ලිපිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා විසින් පසුගිය 8 වනදා අදාළ නිලධාරීන් දෙදෙනා වෙත යොමුකිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් පරීක්ෂණය නිමවන තෙක් නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර පසුගියදා මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ යුතු බවයි.
සංඝරත්නය පවා බලාපොරොත්තුවූයේ ඒකාධිපති පාලනයක් සහිත හිට්ලර් කෙනෙකු මෙන් පාලනයක් බවත් ජනාධිපතිවරයා එසේ නොවීමෙන් ජනතාවගෙන් දෝෂාරෝපණ එල්ලවීමට හේතුවක් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් එහිදී සදහන් කළා.
එමෙන්ම ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහක් කළේ පොර්ට් සිටි ව්‍යාපෘතිය විවේචනය කිරිම සම්බන්දයෙන් කෝපවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් හට දුරකතනයෙන් අශෝභන ආකාරයෙන් බැණ වැදුණු බවයි.