රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (02 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 65 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 67 500 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව පවසා තිබෙනවා.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 04දා සිදු කිරීමට නියමිතයි.