24 C
Colombo
Thursday, February 13, 2025

විදේශිකයන් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

- Advertisement -

කොළඹ සිට නුවරඑලිය දක්වා ගමන්ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් එම රථයේ ගමන්ගත් විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ස්ලොවැකියානු ජාතිකයන් දෙදෙනෙකු බව වටවල පොලිසිය පවසනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේදී අද (26) පස්වරු 3ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි විදේශිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථය ධාවනය කර තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය කර ඇති එම රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළී මෙම අනතුර සිදුව තිබුණා.

කෙසේ නමුත් තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවුණත්, ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව වටවල පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES