30 C
Colombo
Tuesday, April 29, 2025

පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට පාර හරස් කරලා

- Advertisement -

අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත ධාවනය වූ මෙම වෑන් රථය ත්‍රීරෝද රථයකින් හරස්කර තිබෙනවා.

මෙහිදී වෑන් රථයේ ගමන් ගත් විභාග මධස්ථානයේ ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට ඊයේ (18) පස්වරුවේ ත්‍රිරෝද රථ රියදුරු බැන වැදුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි පවසන්නේ.

එහිදී පුලියාවත්ත පාසලට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව ත්‍රීරෝද රථ රියදුරා විසින් අවහිර කරමින් සිටීම සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ත්‍රීරෝද රථ රියදුරාට ත්‍රීරෝද රථය ගේට්ටුවෙන් ඉවත්කර ගන්නා ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

ත්‍රිරෝද රථය ඉවත් නොකරගත් නිසා විභාග ශාලාධිපතිවරයා විසින් තම වෑන් රථය දැඩි පරිශ්‍රමයක් දරා මාර්ගය හරස්කර තිබූ ත්‍රිරෝද රථයේ නොගැටී වෑන් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා.

පසුව ත්‍රීරෝද රථ රියදුරු වෑන් රථය මීටර් 500ක් පමණ දුරට පසුපස හබාගෙන විත් වෑන් රථය හරස්කර ත්‍රිරෝද රථය නතර කර වෑන් රථයේ සිටි ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට බැන වැදුණු බවටයි එම විභාග ශාලාධිපතිවරයා විසින් නොර්වුඩ් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ අදාළ ත්‍රීරෝද රථ රියදුරා හදුනාගෙන ඇති බවයි.

ඔහු පුලියාවත්ත දමිළ පාසල අසල ත්‍රිරෝද රථ රියදුරෙක් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES