24 C
Colombo
Sunday, February 16, 2025

පාවහන් දීමනාව වෙනුවට වවුචරයක්

- Advertisement -

තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් මිල දී ගැනීමට රුපියල් 3,000ක තිළිණ පතක් ලබා දීම කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, සිසුන් 250ට අඩු පාසල් 6,000ක ඉගෙනුම ලබන සිසුන් 650,000ක් සඳහාත් සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල්වල සිසුන් 140,000ක් සඳහාත් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28ක සිසුන් 2,300ක් සඳහා මෙම තිළිණ පතක් ලබා දීමට නියමිතයි.

එමෙන් ම, පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහිපැවිදි පිරිවෙන් සිසුන් 30,000ක් සඳහාත් මෙම තිලිණ පත ලබා දෙන බව රජය පවසනවා.

රජය සඳහන් කළේ, 2015 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති අතර 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා තෝරාගත් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් ද එම වැඩසටහන ඇතුළත් කර ගත් බවයි.

2025 වර්ෂය සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිලධාරි කමිටුවක් පත් කර තිබෙනවා.

අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES