දරුවන් වෙනුවෙන් භාවිතා කරන සබන් ඇතුළු සියලු සබන් මිල ඉහළ ගොස් ඇති බව ඊයේ (24) බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේවෙතත් තවමත් පැරණි මිලට ඇතැම් සුපිරි වෙළෙඳසැල්වල පැරණි තොග ඇති බව දැනගන්නට ලැබුණු පාරිභෝගිකයන් මේ වන විට සබන් මිලදී ගැනීම සඳහා තරඟයක නිරතව සිටිනවා.
මේ හේතුවෙන් විශාල වශයෙන් සබන්, රෙදි සෝදන සබන් කුඩු, දත් බෙහෙත් තොග මිලදීගෙන ඔවුන් ඒවා රැගෙන යන ආකාරය මේ වන විට දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.



