මහා පරිමාණ නිෂ්පාදකයින් සහල් නිෂ්පාදනය කළත් ඇති වී තිබෙන ආපදා තත්ත්වය මත ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා වෙළදපොළ තුල සහල් හිගයක් නිර්මාණය වෙමින් පවතින බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යු.කේ. සේමසිංහ මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
ඇතැම් ප්‍රදේශවල මේවන විටත්ප සහල් හිගයක් මතුව ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම, මරඳගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජික එස්.එස් රණසිංහ සදහන් කළේ, සහල් ගැටලුවට මේ වනතුරු රජයෙන් නිසි විසදුමක් ලබා දී නොමැති බවයි.