26 C
Colombo
Wednesday, January 22, 2025

බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට දෙන බවත් සහන දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

සාමාන්‍ය බස් රථයක් එක්කෝටි හැත්තැ ලක්ෂයක් දක්වා මිල වැඩි වීමක් සිදු වී ඇති බවත් එයට සාපේක්ෂව සෙසු පිරිවැයන් ද ඉහළ ගොස් ඇති අතර ජූලි මාසය වන විට එය ගණනය කිරීමට සිදුවන බැවින් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් ඒ මහතා සදහන් කළා. 

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා :

” අවුරුද්දේ මැද අනිවාර්යෙන්ම බස් ගාස්තු සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. මොකද බස් රථයේ මිල අධික වෙලා තියෙන නිසා. අපි බලාපොරොත්තු වුණා ඉන්ධන මිල අඩු කරයි කියලා. හැබැයි විශේසයෙන්ම තිස් ගාණකින්වත් අඩු කරන්න ඕනේ. අපි දැන් පාඩුවට ධාවනය කරන්නේ. ලොකු මුදලකින් අඩු කළොත් අපි ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන්න කටයුතු කරනවා. 4%ක ප්‍රතිශතයට ආවොත් අපි සම්පූර්ණයෙන්ම අඩු කරන්න කටයුතු කරනවා.. හැබැයි ඒක සිහිනයක් වෙයි”

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES