30 C
Colombo
Monday, March 20, 2023

බැංකු පද්ධතිය නුදුරේදීම කඩා වැටීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

- Advertisement -

බැංකු පද්ධතිය නුදුරේදීම කඩා වැටීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා පවසනවා.

වැරදි ආර්ථික කළමනාකරණය මීට ප්‍රධානතම හේතුව බව පෙන්වාදෙන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ බංකොලොත් වී ඇති රාජ්‍ය ආයතන රැසක් මෙරට බැංකු හරහා ලබාගෙන ඇති ණය පියවීමට අපොහොසත්වීමෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බවයි.

මෙරට අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව 2021 වසරේ වැය කර ඇති මුදල රුපියල් බිලියන 200ක් පමණ වන බව පෙන්වා දුන් මහාචාර්යවරයා එම වසරේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් පමණක් රුපියල් බිලියන වැඩි අලාභයක් සිදුව ඇති බව පෙන්වා දුන්නා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම වසරේ මේ දක්වා ගෙවුණු පාඩුව බිලියන 700 කට ආසන්න අගයක ඇති බවද ඔහු මෙහිදී අනාවරණය කිරීම විශේෂත්වයක්.

මෙවැනි වටපිටාවක් තුළ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිළිබඳව සම්පූර්ණ බලාපොරොත්තු තබමින් කටයුතු කිරීමට වඩා වැඩි වගකීමක් රට හමුවේ ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කර තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ලබා දෙන නොමිලේ අධ්‍යාපනයේ වටිනාකම ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් නිසි අයුරින් අවබෝධ කරගෙන නොමැති බැවින් අදාළ පාඨමාලා සඳහා මිලක් තීරණය කලයුතු බව ද මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා අවධාරණය කළේ එසේ නොකරන්නේ නම් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් වහා සකස් කළ යුතු බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් අදහස් පල කරන මහාචාර්යවරයා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 4ක් ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීමට වඩා තව දුරටත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර රැසක් පිළිබඳවද මෙහිදී කරුණු හෙළිකළා.

වගකීම් විරහිත ආයෝජන හේතුවෙන් රටට බරක් වී ඇති හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව සහ අවට සම්පත් ප්‍රයෝජනයට ගනිමින් සිදුකළ හැකි විශේෂ ආයෝජනයක් පිළිබඳවද මෙහිදී කරුණු හෙළි කිරීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.