ලබන වසරේ යල කන්නයේදීත් වියළි කාලගුණ තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අගවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මේ හේතුවෙන් එම තත්ත්වයට මුහුණ දෙමින් නියමිත කාලයට වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස හම්බන්තොටදී ගොවීන් පිරිසක් ඊයේ (19) හමු වු අවස්ථාවේදීයි අමාත්‍ය වරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර යල කන්නයේදීත් නියඟය හේතුවෙන් අක්කර හැට හදහසකට වැඩි වගා හානී ප්‍රමාණයක් විනාශ වී තිබුණා.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජනසේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් උපදෙස් මත අමතර බෝග වගා කළ ගොවීන් සිය නිෂ්පාදන අලෙවිකර ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.