24 C
Colombo
Thursday, February 13, 2025

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර වෙළදාමේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පනවන බවට පවසමින්.

මේ වන විට බ්‍රික්ස් සාමාජික රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමේ ක්‍රම සාකච්ඡා කරමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.

යුක්රේන යුද්ධයත් සමග රුසියාවට එරෙහිව අමෙරිකාව සම්බාධක පැනවීමෙන් පසුව බ්‍රික්ස් ආර්ථික සහයෝගීතාවය තීව්‍ර වී ඇති බව සදහන් වනවා.

බ්‍රික්ස් සංවිධානයට පොදු මුදල් ඒකකයක් නොමැති අතර, එහි සාමාජිකයින් ඔවුන්ගේ දේශීය මුදල් ඒකක ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES