25 C
Colombo
Friday, January 17, 2025

දකුණු කොරියාවට සතියක ශෝක කාලයක්

- Advertisement -

දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩ බෑමේදී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව 179 දක්වා ඉහල ගොස් තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකුට පමණයි.

මෙම අනතුර හේතුවෙන් දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුආන් දක්වා ගමන් ඇරඹු මෙම ගුවන් යානයේ එක් එන්ජිමක පිපිරිමක් සිදුව තිබුණේ මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඉහළ අහසේදීයි.

පිපිරීමට හේතුව ගුවන් යානයේ එන්ජිමට කුරුල්ලෙකු වැදීම නිසා බව අනුමාන කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, යානය ගොඩබැස්සවීමේදී රෝද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීම නිසා යානය ධාවන පථය දිගේ ඇදී ගොස් ආරක්ෂිත බැම්මේ වැදි අනතුර සිදුව තිබූ බවයි.

එම අවස්ථාවේ යානයේ අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES