කොළඹ හලාවත මාර්ගයේ දී කොළඹ දෙස සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථය පිටුපස පා පුවරුවෙන් බිමට වැටී අඹු සැමි යුවලක් ඊයේ(20) අනතුරට පත් වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව සීදුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්.
ඊයේ (20) උදෑසන එම අනතුර සිදුව තිබුණේ සීදුව පොලිස් වසමේ කොළඹ – හලාවත මාර්ගයේ දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසලදී.
මෘත ශරීරය මීගමුව රෝහලේ තබා ඇති අතර පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.