32 C
Colombo
Tuesday, February 18, 2025

සුනඛයෙක් අමානුෂිකව ඝාතනය කළ කන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

මාන්කුලම් ප්‍රදේශයේ දී සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, 48 හැවිරිදි මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ගෙල කඹයකින් සිරකර අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සුනඛයෙකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම් පොලීසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES