28.4 C
Colombo
Wednesday, July 9, 2025

OIC ලා තුන්දෙනෙක්ට ඇප හිමිවූ අපූරු නඩුවක්

- Advertisement -

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.

එලෙස ඇප නියම වී ඇත්තේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දු ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන යන නිලධාරීන්ටයි.

මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කිරීමේදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබුණා.

කෙසේවෙතත් නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තබා තිබෙනවා.

කෙසේවෙතත් ඇප නියමවීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා යළිත් සුපුරුදු පොලිස් ස්ථානවලම රාජකාරියෙහි යෙදීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

රජයේ ඉඩම්වල ඇති වනාන්තර රක්ෂිත කිරීමට පියවර

රජයේ ඉඩම්වල ඇති වනාන්තර රැසක් රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයකම එවැනි වනාන්තර...

වාහනවල තත්වය බලන වැඩක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

POPULAR ARTICLES