31 C
Colombo
Wednesday, February 12, 2025

කොටස් වෙළෙඳපොළේ දරුණුතම කඩාවැටීමක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් අද (05) දිනයේ දී වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.

මෙය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසින් සඳහන් කළ හැකියි.

එදින ඒකක 608.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් ඇති බව සංඛ්‍යයා සටහන් පෙන්වා දෙනවා.

මේ අතර S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18කින් පහළ ගොස් ඒකක 4,898.04ක් ලෙසින් දැක්වුණා.

අද දින සමාගම් 223ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණු අතර ඉහළ යාමක් වාර්තා වී තිබුණේ සමාගම් 16ක පමණයි.

ප්‍රධන වශයෙන් පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් පහළ යාම්, අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවි තිබෙනවා.

අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.35ක් ලෙසය.

RECENT ARTICLES - SINHALA

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

POPULAR ARTICLES