31 C
Colombo
Friday, April 19, 2024

ආණ්ඩුවෙන් හා සටකපට මාධ්‍ය ආයතනවලින් කහපාට සෙල්ලමක්

- Advertisement -

මේ වන විට සමාජ මාධ්‍ය තුළ රැල්ලක්ව පවතින ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කහපාට ඇඳුම පිළිබඳව News19 සොයාබැලීමක් කළා.

එහිදී අනාවරණය වූයේ මෙය ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රශ්න යටගැසීමේ කූඨ උපක්‍රමයක් බවයි.

මේ සඳහා ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාල කිහිපයක්ද යොදාගෙන ඇති අතර ඡන්දයක් අභිමුඛව මහජනතාවට කැළණි ගඟ දෙබෑකර පැමිණි නාගයන් පෙන්වූ මාධ්‍ය ආයතනයද, කොවිඩ් පළමු රැල්ලේදී පිරිස් රැස්කරමින් අවුරුදු උත්සව‍යක් පැවැත්වූ මාධ්‍ය ආයතනයද ඒ අතර වනවා.

ඔවුන්ගේ ව්‍යාපෘතිය වන්නේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර හෙට (24) පැවැත්වීමට නියමිත අවසාන එක්දින තරඟය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් කහ පැහැති ඇඳුමකින් සැරසී පැමිණ ඕස්ට්‍රේලියාවට කෘතගුණ සලකන බව පෙන්වීමයි.

මේ වන විට රට තුළ පවත්නා දැඩි ආර්ථික අර්බුදය තුළ සාමාන්‍ය මහජනතාවගෙන් ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර තරඟයකදී එල්ලවිය හැකි විරෝධය මැඩ පැවැත්වීම සදහා මෙම කූඨ උපක්‍රමය ඔවුන් යොදාගෙන තිබෙනවා.

මේ වන විට තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ සඳහා කිසිදු විරෝධතා පුවරුවක් රැගෙනයාමට අවසර නොලැබෙන අතර විරෝධතා පුවරු හෝ විරෝධතා වැකි සහිත හිස බදින පටි සහිත පුද්ගලයින් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කරනවා.

එවන් තත්ත්වයක් තුළ කෘතගුණ සැළකීමේ මෙම ව්‍යාපෘතිය පෙරදැරි කරගෙන ආණ්ඩු විරෝධය මැඩ පැවැත්වීමට උත්සහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා “රටට ඩොලර් ගෙනා ඕස්ට්‍රේලියාව”‘, “අපි කෘතගුණ සලකන ජාතියක්”, “ක්‍රීඩාවට දේශපාලනය වැඩක් නැහැ” වැනි තක්කඩි වැකි උපයෝගී කරගනිමින් සිටින බව සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වනවා.

මේ වනවිටත් තරඟ 5 කින් යුත් එක්දින තරඟ මාලාව ශ්‍රී ලංකාව ජයගෙන ඇති බැවින් ක්‍රිකට් රසිකයින්ද සිටින්නේ දැඩි ප්‍රීති ප්‍රමෝදයෙනි.
එම හැඟීමද ප්‍රයෝජනයට ගනිමින් තමන් දිනයේ වැඩි හරියක් සිටින්නේ පෝලිම්වල දුක් විදිමින් යැයි ජනතාවට අමතක කරමින් මෙම කහ පැහැති නාඩගම ඉතා සූක්ෂමව හෙට දිනයේ රඟ දැක්වීමට නියමිතයි.

ජනතාවට කහ අන්දා ඕස්ට්‍රේලියාවට කෘතගුණ සලකන්නැයි කියන අතරේ ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ නැවත වරක් ඉන්ධන මිල අනිවාර්යයෙන් ඉහළ දැමිය යුතු බවයි.

එමෙන්ම අගුරුරුවාතොටදී තවත් පුද්ගලයෙක් ඉන්ධන පෝලිමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...