27.8 C
Colombo
Thursday, July 17, 2025

ව්‍යාපාරිකයාගේ ඝාතනයට තරුණ යුවලක් අත්අඩංගුවට

- Advertisement -

පැලවත්ත නිවසක තිබියදී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ බිරිඳ කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් සහ ඔහුගේ බිරිඳ 21 වන වියේ පසුවන දෙදෙනෙකුයි.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇඳුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 2 වනදායි.

49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ නිවසේ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයෙන් පැමිණ නිවසට ඇතුළුවන ආකාරය සහ එක් පුද්ගලයෙක් පමණ නිවසෙන් පිටව යන ආකාරයත් නිරීක්ෂණය වී තිබුණා.

සිදුකළ මුලික විමර්ශනවලට අනුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය පසුගිය 03 වනදා මීගමුව ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබී සොයා ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...