32 C
Colombo
Friday, January 17, 2025

මත්පැන් වර්ගයක් අසාත්මික වී තරුණයෙක් මරුට

- Advertisement -

අලුත් අවුරුදු උදාව සමරමින්  සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ මත් වර්ගයකින් හටගත් අසාත්මිකතාවයක් හේතුවෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

කැස්බෑව පොලීසිය පවසන්නේ,  පසුගිය 31 වෙනි දින අදාළ තරුණයා මිතුරන් කිහිප දෙනකුගේ ආරාධනයෙන් ප්‍රදේශයේ නිවසකට ගොස් එහි පැවති මත්පැන් සාදයකට සහභාගී ඇති බවයි.

එහිදී තරුණයන් දෙදෙනෙකු භාවිතා කළ මත් වර්ගයක් අසාත්මික වී ඇති අතර මිතුරන් එක්ව ඔවුන් ප්‍රතිකාර සදහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගත තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අද (01) දිනයේ මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, අනෙක් තරුණයා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

POPULAR ARTICLES