24 C
Colombo
Sunday, February 16, 2025

බස් – යතුරුපැදි අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට

- Advertisement -

තණමල්විල පොලිස් වසමේ තණමල්විල, උඩවලව ප්‍රධාන මාර්ගයේ 25 කණුව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.

අද (14) අලුයම තණමල්විල දෙස සිට උඩවලව දෙසට ධාවනය වූ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධව දෙසින් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු ප්‍රතිකාර සඳහා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 21ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය තණමල්විල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES