දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
ගලේවෙල පොලිසිය පවසන්නේ, ඊයේ (30) සිදු වූ මෙම රිය අනතුරෙන් 22 හැවිරිදි තරුණයෙක් මියගොස් තවත් 24 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල දඬුබැදුරුප්ප ප්‍රදේශයේ පදිංචි ගිහාන් කෝසල රන්තිලක නමැති තරුණයෙක්.
සිමෙන්ති පටවා දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ දඹුල්ල දෙසින් ගලේවල දෙසටම ධාවනය වූ යතුරුපැදිය ලොරි රථයේ පිටුපස හැපී මෙම අනතුර සිදුව ඇති බව ගලේවෙල පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.