මහනුවර – තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා.
මෙම තරුණයා පන්නිල – කැටකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, දින දෙකකට පෙර විෂාද තත්වයක් හේතුවෙන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා .
ජංගම දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි එම තරුණයා එය භාවිතයට දෙමාපියන් සීමාවන් පැනවීමත් සමඟ අවස්ථා කිහිපයකදීම තම සිරුරට අනතුරු සිදුකරගෙන ද තිබු අතර සියදිවි හානි කරගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ට දොස් පවරා ලියූ ලිපියක්ද හමුවී තිබෙන බව පොලිසිය පවසනවා.
තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී රවීන්ද්‍ර වැලිවිට සඳහන් කළේ මරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත තුන්දෙනෙකුගේ කණ්ඩායමක් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවයි.