ජනාධිපතිවරණයට අදාළ ඡන්ද වීමසීමේදී ඡන්ද මධ්‍යස්ථානයක් තුළම ඡන්ද පත්‍රිකාව ඉරු තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.
යාපනය, නායන්මාර්කට්ටු මහේෂ්වරී විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ දී අදාළ සිදුවීම අද පෙරවරුවේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම පුද්ගලයා වයස අවුරුදු 19 ක් වු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව සඳහන්.
මේ වන විට එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විර්ශන සිදු කරනවා.